සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එක්ව අද(01) වැඩ වර්ජනයක් දියත් කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පවසයි. ඒ ඔවුන් කළ ඉල්ලීම් වලට මේ වනතෙක්ම විසදුම් නොලැබීමට විරෝධය පළ කිරීමට බව ඔවුන් වැඩිදුරටත් පවසයි.
වෛද්‍යවරුන්ට ලබා දෙන DAT දීමනාව රුපියල් 35,000කින් ඉහළ දැමීමට ගත් තීරණය තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලමින් ඔවුන් අවස්ථා කිහිපයකදී ම වෘත්තීය ක්‍රියාමාර්ග වල නිරත විය.
එම ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා වලට එළඹීමට බළධාරීන් එකඟතාව පළ කළද මේ දක්වාත් විසඳුම් නොලැබීම මත මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කළ බව එම ව්‍යාපාරය සඳහන් කරයි.
ඒ අනුව අද උදෑසන 6.30 සිට දිවයින පුරා සෞඛ්‍ය වෘත්තිකයින් වැඩ වර්ජනයක නිරත වේ.