ශ්‍රී ලාංකීය සම්භවයකට හිමිකම් කියන බොලිවුඩ් නිලි ජැක්ලීන් ෆර්නෑන්ඩස් ව්‍යාපාරික සුකේෂ් චන්ද්‍රසේකර් විසින් අයතා ලෙස උපයාගත් මුදල් දැන දැනම වැය කර ඇති බව ඉන්දීය පොලීසිය එරට අධිකරණය ඉදිරියේ අනාවරණය කර තිබේ.
එම මුදල් හුවමාරු පිළිබඳව සෑම තොරතුරක් මඇය වසන් කර ඇති බවද විමර්ශන මෙහෙයවන අංශ අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
මීට අදාළ නඩුව 2024 අප්‍රේල් 15 දක්වා කල් දමා තිබේ.
ජැක්ලීන් ගේ එවකට පෙම්වතා යැයි සැලකෙන චන්ද්‍රසේකර් ඉන්දීය රුපියක් කෝටි 200ක් මූල්‍ය වංචා කිරීමේ චෝදනා යටතේ සිරගත කරන ලදී. ජැක්ලීනෙම නඩුවේද විත්තිකාරියක් ලෙස නම් කරඇති අයෙකි.