රත්රන් යනු කාලයත් සමග සිය වටිනාකම නැවත නැවතත් තහවුරු කරගැනීමට සමත් වූ වත්කමකි. ධනයේ සහ ස්ථාවරත්වයේ සංකේතයක් ලෙස එය ශතවර්ෂ ගණනක් පුරා තම ස්ථානය ආරක්ෂා කරගැනීමට සමත් වී තිබේ. එබැවින් රත්රන් යනු, අනාගතය වෙනුවෙන් ඵලදායී ලෙස ආයෝජනය කිරීමට සිතන ඕනෑම කෙනෙකුට ගැළපෙන විසඳුමකි. මේ නිසාම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්වර්ණාභරණ නිෂ්පාදන සමාගමක් වන වෝග් ජුවලර්ස් 2024 ජනවාරි මාසයේ සිට OG (Old Gold) නමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහන දියත් කිරීමට කටයුතු යොදා ඇත.
මෙම වැඩසටහන යටතේ 2024 ජනවාරි 16 වන දින සිට 2024 ජනවාරි 21 වන දින දක්වා ඔබගේ පැරණි රන් ආභරණ නව රත්රන්වලට හුවමාරු කරගැනීමට අවස්ථාව හිමි වේ. කැරට් 22 රත්රන්වලින් නිර්මාණය කර ඇති, අවුන්ස කාලකට මඳක් වැඩි බරකින් යුතු මෙම රත්රන් කැබලි අනාගතය වෙනුවෙන් කරන නැණවත් ආයෝජනයක් මෙන්ම, පරම්පරාවෙන් පරම්පරාවට උරුම කර දිය හැකි සාඩම්බර තිළිණයක්ද වනු ඇත.
“ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු සතුව, තමන් නිතර භාවිතා නොකරන රන් ආභරණ තිබෙන බව අප දන්නවා. ඒ වගේම ඔවුන් එම ආභරණ වඩාත් හොඳ ආයෝජනයක් බවට පරිවර්තනය කරගැනීමට කැමැත්තෙන් සිටිනවා වන්නට පුළුවන්. ඒ නිසාම, පැරණි රත්රන් හොඳම මිලට අලුත් රත්රන්වලට හුවමාරු කරගැනීමට අවස්ථාව සලසා දීමට අප තීරණය කළා. අතීතයේ පටන්ම ශ්‍රී ලංකාව තුළ රත්රන් සැලකෙන්නේ විශ්වාසනීය, නිසැක ප්රතිලාභ ගෙනෙන සහ තම ධනය අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කිරීමට උපකාරී වන ආයෝජනයක් ලෙසයි.” වෝග් ජුවලර්ස් හි කළමනාකාර අධ්යක්ෂ අනුර හේමචන්ද්‍ර මහතා පැවසී ය.
මෙලෙස පැරණි රන් ආභරණ නව රත්රන් බවට හුවමාරු කරගැනීම මගින් කෙනෙකුට අවශ්‍ය අවස්ථාවලදී ඉතාමත් පහසුවෙන් ඒවා මුදල් බවට හෝ නව ආභරණ බවට පරිවර්තනය කළ හැකි වේ. එමෙන්ම අනාගතයේ බදු කටයුතු සැලසුම් කිරීමේදීද මෙය අතිශයින් වැදගත් වනු ඇත. මෙම නව රත්රන් කැබලි වඩාත් පහසුවෙන් ගබඩා කළ හැකි අතර, අන්‍යයන්ට නොපෙනෙන පරිදි එහාමෙහා ගෙනයාමද සිදුකළ හැක. ඉදිරියේදී රත්රන්වල වටිනාකම ගෝලීය වශයෙන් ඉහළ යා හැකි බවට පැහැදිලි ඉඟි පළ වී ඇති පසුබිමක් තුළ, රත්රන් සඳහා ආයෝජනය කිරීම 2024 වර්ෂයේ හොඳම ආයෝජන තීරණ අතරින් එකක් වනු ඇත.
“රත්රන් යනු අගය පහළ නොයන දෙයක් බව ඓතිහාසිකව ඔප්පු වී තිබෙනවා. එමෙන්ම ආර්ථික අවිනිශ්චිතතා හමුවේ වුවද රත්රන්වල වටිනාකම ඉහළ යන බව පැහැදිලියි. එම නිසා මේ මොහොතේ තම ධනය සුරක්ෂිත කරගෙන අනාගතයේදී එහි වටිනාකම් ඉහළ යනු දැකීමට කැමති ඕනෑම කෙනෙකුට, රත්රන් යනු අතිශයින් ඵලදායී ආයෝජනයක්. එම නිසා වෝග් ජුවලර්ස් වෙත පැමිණ, මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන තම ධනය සුරක්ෂිත කරගන්නා මෙන් මා සියලුම දෙනාට ආරාධනා කරනවා.” අනුර හේමචන්ද්‍ර මහතා වැඩිදුරටත් පැවසී ය.
වෝග් ජුවලර්ස් සමාගම දශක 6 කට අධික කාලයක් තිස්සේ මෙරට උසස්ම ප්‍රමිතියෙන් යුත් රත්රන් හා රන් ආභරණ සම්බන්ධයෙන් විශාල කීර්තියක් දිනා සිටී. ඔබත් මේ නව වසරේ වෝග් ජුවලර්ස් වෙත පැමිණ, සදාකල් ඔබ සමගම රැඳෙනා ස්වර්ණමය උරුමයක් වෙනුවෙන් ආයෝජනය කරන්න.