ඉන්දියාව අද (26) සිය 75 වන ජනරජ දිනය සමරයි. “සංවර්ධිත ඉන්දියාවක්” යන්න මෙවර ඔවුන්ගේ තේමාව වී තිබේ.
1947 අගෝස්තුවේ දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබූ ඉන්දියාව ආචාර්ය අම්බෙත්කාර්ගේ ප්‍රධානත්වයෙන් ස්වකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කළ අතර එය 1950 අද වැනි දිනෙක ක්‍රියාත්මක කෙරිණි.
ඉන්දියාව බ්‍රිතාන්‍යයේ බැමි බිඳ ස්වකීය ජනරජයක් වීම අද ඔවුන් මහත් උත්සවශ්‍රීයෙන් සමරයි.
ඒ අනුව ඉන්දියානු ජාතික දින සැමරුම නවදිල්ලියේ රාජ්පත් හි පැවැත්වීමට නියමිත අහර භාරත නාමය ඉහළින්ම බැබලූ අභිමානවත් ඉන්දියානුවන් හට භාරත රත්න , පද්ම ශ්‍රී සහ පද්ම භූෂණ ගෞරව සම්මාන පිරිනැමීමට නියමිතව තිබේ.