කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිළධාරියා මිය ගොස් තිබේ.
කටුනායක සිට කොළඹ දෙසට ධාවනයවෙමින් තිබූ ඔහු රැගත් ජීප් රථය ඒ දෙසට ම ගමන් කළ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් පසුව මාර්ගයේ ආරක්ෂක වැටේ ද ගැටී තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ ආරක්ෂක නිළධාරියා සහ රියදුරු රාගම රෝහලට ඇතුළත් කළ ද ඒ වනවිටත් රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක නිළධාරියා මිය ගොස් සිටි බව පොලීසිය පවසයි.
මිය යනවිට රාජ්‍ය අමාත්‍යවරයා 48 වන වියෙහි පසුවූ අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 වන ඉරිදා සිදු කිරීමට සැලසුම්කොට තිබේ.