වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා හා පැමිණ සිටීමේ දීමනාව හෙවත් DAT දීමනාව ගෙවීම තාවකාලිකව් අත්හිටුවීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් පවසයි.
එම දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කොට තිබුණද අනුමත ප්‍රතිපාදන සීමාව තුළ භාණ්ඩාගාරය අක්මුදල් ලබානොදීම මත මේ තීරණය ගත් බව ඔහු සඳහන් කරයි.
ලිපියක් මගින් ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ භාණ්ඩාගාරය මෙම ගැටලුව නිරාකරණය කරන තුරු වැඩිකරන ලද රුපියල් 35,000 දීමනාව ලබා නොදීමට සෞඛ්‍ය ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බවයි.