තංගල්ල බෙලිඅත්ත ප්රදේශයේ දී අද (22) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිද්ධිය වූ ස්ථානයේ තිබී පුද්ගල මළ සිරුරු හතරක් හමුවී ඇති අතර තවත් අයෙකුගේ සිරුර තංගල්ල රෝහලේ තැන්පත් කොට තිබේ.
මිය ගිය පිරිස අතර අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ද සිටින බව වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි.