2023 අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය අදාළ දිනයට පෙර සමාජ මාධ්‍ය හරහා සංසරණය වීම මෙම තීරණය ගැනීමට හේතු වී තිබේ.
පසුගිය 10 වනදා අදාළ ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය පැවැති අතර පසුව කරන ලද විමර්ශනයකදී එය විභාගයට ප්‍රථම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති බව අනාවරණය වීමත් සමග විභාග දෙපාර්තමේන්තුව මේ තීරණයට පැමිණ තිබේ.