රතු මුහුදේ ගමන් කරනා වෙළඳ නැව් ඉලක්ක කරගනිමින් ඉරාන සහය ලබන හවුති සටන්කන් එල්ල කරන ප්‍රහාර දැඩි වී තිබේ.
මේ ප්‍රහාර හමුවේ යුරෝපීය රාජ්‍යයන් සිය නැව් රැක ගැනීම වෙනුවෙන් රතු මුහුදේ හවුති සටන්කරුවන්ට එරෙහිව ප්‍රහාර දියත් කිරීමට පියවර ගෙන තිබේ.
මෙයට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ භට කණ්ඩායමක් ද රතු මුහුද වෙත යැවීමට ජනපති පසුගියදා කටයුතු කළේය.
තත්වය මෙලෙස පවතින අතරේ ඊයේ (11) දිනයේ දී එක්සත් රාජධානියේ හා එක්සත් ජනපදයේ ගුවන් හමුදා එකතුව හවුති සටන්කරුවන් රැඳී සිටින යේමනයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කොට තිබේ.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමරිකානු ජනපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේ නොවැම්බරයේ සිට හවුති සටන්කරුවන් රතු මුදේ ගමන් කරනා නැව් වලට එල්ල කරන ප්‍රහාර සැලකිල්ලට ගෙන ඊට ප්‍රතිචාර වශයෙන් මෙය සිදුකළ බවයි.
එමෙන් ම මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සූනක් පවසන්නේ, මෙම ප්‍රහාරය සීමිත එමෙන්ම අත්‍යාවශ්‍ය සහ ආත්මාරක්ෂාව සඳහා සිදුකරන ක්‍රියාවක් ලෙස සලකන බවයි
රසිත ජයවීර