දැනට ඉදිකිරීම් කටයුතු අත්හිටුවා ඇති මාර්ග අතරින් කිලෝමීටර් 1,500ක් ගමනාගමනයට සුදුසු පරිදි වැඩිදියුණූ කිරීමට අදාළව ඉදිරිපත් වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය.
ඒ අනුව අදාළ මාර්ග කොටස් වල වැඩ මේ වසරේ මුල් මාස 06 ඇතුළත නිම කිරීමට යෝජනා වී තිබේ. නේ සඳහා වන සම්පූර්ණ වියදම ලෙස බිලියන 20ක් ඇස්තමේන්තු ගත කොට තිබේ.
කිලෝමීටර් 100,000 යේ මාර්ග වැඩසටහන යටතේ ආරම්භ කර මේ වනවිට ඉදිකිරීම් අත්හැර දමා ඇති මාර්ග කොටස් යළි සංවර්ධනයට ප්රවාහන හා මහාමාර්ග ඇමතිවරයා ගෙන ආ යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී තිබුණි.