“බ්ලේඩ් රනර්” ලෙස ලොව ප්‍රකට වූ දකුණු අප්‍රිකානු පැරා ඔලිම්පික් ධාවන ශූර ඔස්කර් පිස්ටෝරියස් ට නිදහස ලබා දී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
2013 වසරේ දී සිය පෙම්වතිය වෙඩි තබා ඝාතනය කිරීමට වරදකරු වීමෙන් පසුව ඔහුට වසර 13 ක සිර දඩුවම් හිමිවූ අතර එම දඩුවමෙන් හරි අඩකටත් වඩා අවසන් කර ඇති බැවින් එරට නීතිය අනුව ඔහුට සිය දඩුවම ලිහිල් කර ගැනීමට සඳහා අවශ්‍ය parole ක්‍රම ඔස්සේ එය සලකා බැලීමෙන් පසුව ඔහුව මෙලෙස නිදහස් කර තිබේ.
2015 වසරේ දී සිය පෙම්වතිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ඔහු පසුව සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය යටතේ අභියාචනයක් අධිකරණයේ ඉදිරිපත් කළද එය ප්‍රතිප්ෂේප වීම නිසා අවසානයේදී ඔහුට වසර 13කුත් මාස පහක සිර දඩුවමක් හිමිවිය.
එම දඩුවම 2029 වසර දක්වා බලපැවැත්වෙන අතර එම කාලසීමාව ගෙවා හමාර වනතුරු මාධ්‍ය හමුවේ පෙනී නොසිටීම වැනි දැඩි කොන්දේසි මත ඔහුට නිදහස ලැබී තිබේ.
විදෙස් මධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ තම සිර ජීවිතය අවසන් කොට ඔහු නැවත තම නිවස වෙත මේවනවිට ගොස් ඇති බවයි.