නවීන පන්නයේ ජංගම දුරකථනයක් යැයි සිතා ලංගම බස්කොන්දොස්තර මහතෙකුට අයත් ටිකට් මැෂිමක් සොරකම් කළ 71 හැවිරිදි කන්තාවක් ලක්ෂ 2ක ශරීර ඇප මත මුදා හැරීමට ගාල්ල අතිරේක මහේස්ත්රාත්වරිය නියෝග කළාය.
ගාල්ල, ඉමදූව ප්රදේශයේ ඇති ගමක පදිංචිකාරියක් වන ඇය පසුගිය දිනෙක ඉමදූවෙන් බසයට ගොඩවී ඇත්තේ සිය නිවස බලා යෑමට ය. ඇය බසයට ගොඩවන විට එහි කොන්දොස්තර තැන තම ටිකට් මැෂිම අසුනක තබා වතුර බීමට රියදුරු අසුන වෙත ගිය අතර ඇය වාඩි වූ අසුනට යාබද අසුනේ තිබූ ටිකට් මැෂිම දැක ඇත. ඒ වස්ථාවේ බසයේ මගීන් එතරම් ප්රමාණයක් රැදී නොසිටී බැවින් එය නවීන පන්නයේ ජංගම දුරකථනයක් යැයි සිතූ ඇය ටිකට් මැෂිම සිය ගමන් මල්ලේ බහා නිවසට රැගෙන ගොස් තිබේ.
නිවසට ගිය පසුව දුරකථන ඇමතුම් ලබා ගැනීම සඳහා උත්සාහ ගන්නා හැම මොහොතේම බස් ටිකට්පත් නිකුත් වීම නිසා නැවතත් ඇය පසුදා එම මැෂිම ගාල්ල බස් නැවතුම් පොලෙහි නිළධාරියෙකුට ගෙනවිත් භාර දී තිබේ. සිද්ධිය හොඳින් දැන සිටි නිළධාරියා ඇයව කතාබහින් රදවාගෙන පොලීසියට දැනුම් දී තිබේ.
පසුව පොලිස් අත්අඩංගුවට පත් එම කාන්ථව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙලෙස ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.