මේ වසරේ සිට නැවතත් මෙරට වෙළඳපොළට වාහන ආනයනය කිරීමට සූදානම් වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
මේ අනුව 1000CC එන්ජින් ධාරිතාවට අඩු මෝටර් රථ ආනයනය කිරීමට සූදානම් බව එම සංගමය පවසයි.
එන්ජින් ධාරිතාවය අඩු වාහන ගෙන්වීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ විදේශ සංචිත ස්ථාවර මට්ටමක පවත්වාගැනීම බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙම ආනයන කටයුතු ඉදිරි මාසයක් වැනි කාලයක් ඇතුළත සිදු කිරීමට නියමිතව තිබේ.