2023 අපොස උසස්පෙළ විභාගය අද (04) සිට ආරමිභ වේ. එය මෙම මස 31 වනදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කොට තිබේ.
මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනීසිටින අතර ඉන් 281,445ක් පාසල් අයදුම්කරුවන් වන අතර 65,531ක් පෞද්ගලික අයදුම්කරුවන් වේ.
මේ අතර විභාග කාලසටහනේ විභාග පැවැත්වෙනදිනයන්හි වෙනසක් සිදුව ඇති බව දැනුම් දෙන විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ අලුත් විෂයක් ලෙස කොරියන් භාෂාව ඇතුළත් කිරීම නිසා කාලසටහන සංශෝධනය කිරීමට සිදුවූ බවයි. එම නිසා අපේක්ෂකයින් පැරණි කාලසටහන් පරිශීලනය නොකර තමාගේ ප්‍රවේශ පත්‍රයේ දක්වා ඇති කාලසටහන භාවිතා කරන ලෙස ඔවුන් අපේක්ෂකයින්ට දැනුම් දෙයි.
දිවයිනේ පවතින ගංවතුර තත්වය නිසා විභාග මධ්‍යස්ථානයට පැමිණීමට නොහැකි අපේක්ෂකයින්ට විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවීමට ද කටයුතු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.