සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කරයි
උතුරු ජපානයේ ඉෂිකාවා, නිගාටා සහ තොයමා වෙරළ ආශ්රිත ප්‍රදේශයන් ට මැග්නිටුඩ් ඒකක 7.4 ප්‍රබල භූමිකම්පාවක් ඇතිවී ඇති බව ජපන් මාධ්‍ය වාර්තා කරයි.
ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේවනවිට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර ඇති අතර වෙරළාශ්‍රිත ප්‍රදේශයන්හි සිටින ජනතාවට වහාම ඉහළ භූමි ප්‍රදේශයන්ට ගමන් කරන ලෙස දැනුම් දී තිබේ.
එමෙන් ම සුනාමි තත්වයක් ඇතිවුවහොත් එහි රළ මට්ටම මීටර් 5ක් පමණ උසට නැගෙනු ඇති බවද එම බලධාරීන් තවදුරටත් සඳහන් කර තිබේ.