සංශෝධිත නව වැට් බදු අද (01) සිට ක්‍රියාත්මක වීමට නියමිත වේ.
පසුගිය වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ වැට් බදු ඉහළ නැංවීම සඳහා වන පනත් කෙටුම්පත එහිදී සම්මත වීමත් සමඟ ජනවාරි 01 සිට එය ක්‍රියාත්මකවන බව රජය දැනුම් දී තිබුණි.
ඒ අනුව එතෙක් 15% ක්ව තිබූ වැට් බද්ද අද සිට 18% දක්වා ඉහළ නැංවේ. ඒ අනුවමෙතෙක් වැට් අය නොකළ භාණ්ඩ හා සේවා 97ක් සඳහා මෙම වැට් බදු ඉහළ නැවීම අදාල වන බව මුදල් අමාත්‍යංශය දැනුම් දුන්නේය.
ඒ අනුව වැට් බදු පැනවෙන ක්ෂේත්‍ර ලෙස, LP ගෑස්, පෙට්‍රල් සහ ඩීසල්, සියලු ජංගම දුරකථන, වෛද්‍ය තාක්ෂණික උපකරණ, ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්රසූත්ර සහ ගිලන්රථ ආනයනය, රසායනික පොහොර, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණද , සුර්ය පැනල සහ ගෘහස්ත සුර්යබල පද්ධති ආදිය පෙන්වා දිය හැකි ය.
මීට අමතරව දේශීයව නිෂ්පාදනය කරන සීනි , ස්වර්ණාභාරණ, මෘදුකාංග, කොප්පරා, රබර්, බිත්තර, තේ, පොල්තෙල් හා දියර කිරි ආදියද අදාළ වැට් බදු ලැයිස්තුවට අදාළ වන අතර පාවහන් නිෂ්පාදනයට යොදාගන්නා නිමකරන ලද සම්භාණ්ඩ සඳහාද මෙන්ම චිත්‍ර ශීල්පීන් විසින් නිර්මාණය කරන ලද චිත්‍ර අලෙවි කරන අවස්ථාවේදීත් එය වැට් බද්දට යටත් වෙනු ඇත.
තවද, සංචාරකයන් ගෙන්වීමේදී ලබා දෙන සේවා, එම සංචාරක ආයතනවලින් අදාළව ලබාදෙන සේවා චිත්‍රපට බෙදාහැරීම, ප්‍රදර්ශනය සහ නිෂ්පාදනයේදී, රසායනාගාර පහසුකම් සඳහා ද නව පනත අනුව වැට් බදු අය කෙරේ.
එමෙන්ම දුරකථන සේවා ජාල සඳහා ද ඉහත කී වැට් බදු අදාළ වන අතර ඒ බව එම සමාගම් විසින් සිය පාරිභෝගිකයින් දැනුවත් කර තිබේ.