සියලුම සිපෙට්කෝ ඉන්ධනහල් හිමිකරුවන් අද (22) විශේෂ සාකච්ඡාවක් සඳහා කොළඹ පදනම් ආයතනයට රැස්වීමට නියමිත ය.
ඉන්ධන පිරවුම්හල්වලට දැනට හිමිවන කොමිස් මුදලින් සියයට 35ක් නඩත්තු ගාස්තු ලෙස සංස්ථාව යළි අය කරගැනීමට සුදානම්වීම හේතුවෙන් සිපෙට්කෝ ඉන්ධන හල් වැසීයාමේ අවදානමක් මතුවී ඇති ගැටළුව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ බව ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පෙන්වාදෙයි.