ලොව දීර්ඝතම කාලයක් සිරගතව සිට නිදොස් කොට නිදහස් කළ පුද්ගලයා බවට පත්වීමට ඇමරිකාවේ ග්ලින් සිමන්ස් (Glynn Simmons) පත් විය.
ඒ වනවිට ඔහු වසර 48 කුත් මාසයයි දවස් 18ක් සිරභාරයේ පසුවී තිබේ.
වසර 1975 දිනෙක ඇමරිකාවේ ඔක්ලහෝමා ප්රදේශයේ තැබෑරුමක සිදුවූ කොල්ලකෑමක් අතරතුර කැරොලින් සූ රොජර්ස් (Carolyn Sue Rogers) නම් අයෙකු ඝාතනය වීම සම්බන්ධයෙන් සැකපිට එවකට 22 හැවිරිදි ග්ලින් සහ තවත් අයෙකු අත්අඩංගුවට පත්වූ උසාවියේදී වැරදිකරුවන් බවට තීරණය වූ ඔවුන් දෙදෙනාට මරන දඩුවම හිමිවූ අතර පසු කරන ලද අභියාචනයකින් එය ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් බවට පරිවර්තනය විය.
වසර ගණනකට පසුව නැවත වරක් ඔක්ල්හෝමා දිස්ත්රික් උසාවියේ දී විභාගයට ගැණුනු මේ නඩුවෙන් ග්ලින් කිසිලෙසකින් අදාළ ඝාතනයට සම්බන්ධ යැයි පැවසීමට තරම් ප්රමාණවත් සාක්ෂි නොමැති බව ඔප්පු වීම මත ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට එම අධිකරණය තීරණය කළහ.