එළඹෙන උත්සව සමය නිමිති කොටගෙන අත්‍යවශ්‍ය භාණ්ඩ 10 මිල අඩු කිරීමට ලංකා සතොස තීරණය කර තිබේ. මෙම මිල අඩු කිරීම් අද (15) සිට දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක බව එහි සභාපතිවරයා පැවසීය.
ඒ අනුව,
* සතොස කිරිපිටි රුපියල් 10 කින් අඩු කර ඇති අතර එහි නව මිල 940කි.
* ආනයනික ටින් මාළු ග්‍රෑම් 425 මිල රුපියල් 55කින් අඩුකර ඇති අතර ම ග්‍රෑම් 155 ටින් මාළු මිල රුපියල් 10කින් අඩුකර තිබේ.
*දේශීය ටින්මාළු ග්‍රෑම් 425 රුපියල් 20කින් මිල අඩුකර තිබේ.
*ආනයනික සහ දේශීය අල මිල රුපියල් 15කින් අඩුකර තිබේ.
*රතු නාඩු සහ සුදු නාඩු සහල් කිලෝ එකක මිල පිළිවෙළින් රුපියල් 15කින් සහ රුපියල් 05කින් අඩුකර තිබේ.
*කඩල කිලෝවක් රුපියල් 5කින් අඩුකර තිබේ.
*සීනි කිලෝවක් රුපියල් 275කට අලෙවි කරන බව ද සතොස ජනතාවට නිවේදනය කරයි.
*බිත්තරයක් රුපියල් 35කට ලබාදීමට ද එම සමාගම තීරණය කර තිබේ.
*ලූනු කිලෝවක් රුපියල් 400ක පහළින් පවත්වාගෙන යෑමට කටයුතු කරන බවත් සතොස වැඩිදුරටත් මහජනතාවට දැනුම්දෙයි.