ඉතාලියේ ෆෙන්සා නගරයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
සීඝ්‍රගාමී දුම්රියක් සහ මන්දගාමී දුම්රියක් මුහුණට මුහුණ ගැටීමෙන් මේ අනතුර සිදුවී තිබේ.
ගිනි නිවන හමුදාව හා ගලවා ගැනීමේ සහන කණ්ඩායම් පැමිණ තුවාල ලැබූවන් රෝහල් ගත කළ අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.