ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් අගවිනිසුරුවරයා වෙත යොමුකරන ලද ලිපියක් සම්බන්ධයෙන් කථානායක ඇතුළු වගඋත්තරකරුවන් තවදුරටත් කටයුතු නොකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (08) දැනුම් දී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයට උසස්වීම් ලැබීමට නියමිත උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ වෘත්තීය තත්වය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අදාළ ලිපිය මගින් අගවිනිසුරුවරයා දැනුවත් කොට තිබුණි.
නීතීඥයවරයෙකු ඉදිරිපත් කළ පෙත්සමක් සැලකිල්ලට ගත් අවස්ථාවේ දී නීතිපතිවරයා මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.