විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා විද්‍යුත් වාහන 900ක් ගෙන්වීමට රජය විසින් බලපත්‍ර නිකුත් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසිය.
අදාළ ක්‍රමවේදය හරහා විදෙස් ශ්‍රමිකයින් මෙරටට ඩොලර් මිලියන 100ට අධික මුදලක් එවා ඇති බව පවසන ඒ මහතා ඔවුනට ලබා දුන් විද්‍යුත් වාහන ආනයන කිරීමේදී ලබා දෙන ණයවර නිකුත් කිරීමේදී සිදුවූ අවහිරතාවක් මතුව ඇති බව පැවසීය.