ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ම ආහාර හා පාරිභෝගික භාණ්ඩ බෙදාහැරීමේ යෙදුම වන Uber Eats, ශ්‍රී ලංකාව තුළ වසර 5ක් සම්පූර්ණ කර ඇති අතර, වර්තමානය වන විට Uber Eats කොළඹ, නුවර, ගාල්ල ඇතුළු ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 6ක් ආශ්රිත ව සේවා ලබා දෙමින් මෙම වසර 5 පුරා මිලියන 32කට අධික බෙදාහැරීම් සංඛ්‍යාවක් සිදු කර ඇත.
මෙම සන්ධිස්ථානය සනිටුහන් කිරීම සඳහා Uber Eats විසින්, කුරියර් සහ වෙළෙඳ හවුල්කරුවන් හා සම්බන්ධ වෙමින්, ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහ එම පවුල්වලට සහයෝගය ලබා දීමට කටයුතු කරන ලදී.
මෙම අවස්ථාවේ දී, Uber Eats විසින් සිය කුරියර් සේවාවේ නිරත වන සේවකයින්ගේ දරුවන් වෙත ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ ලබා දෙන ‘Uber Delivery Scholar’ වැඩසටහනේ තුන් වන අදියර පැවැත්වීම පිළිබඳ ව නිවේදනය කළ අතර, එහි දී ශිෂ්‍යත්ව ලාභීන්ගේ කැප වීම හා උනන්දුව වැඩි කිරීම වෙනුවෙන් මීළඟ වසරේ දී ශිෂ්‍යත්වය දීර්ඝ කිරීම සඳහා ඔවුන්ගේ වර්ධනය අධීක්ෂණය කිරීම විශේෂිත ය. මෙම වසරේ දී ‘Uber Delivery Scholar’ මගින් කුරියර් නිලධාරීන් 300කගේ දරුවන්ට නොමිලේ ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ ප්රදානය කරන ලදී. ඊට අමතර ව උසස් අධ්‍යාපනික දක්ෂතා දැක් වූ දරුවෙකුට ලැප්ටොප් පරිගණකයක් සහ ක්‍රීඩා ජයග්‍රහණ ලැබූ දරුවෙකුට ක්‍රීඩා භාණ්ඩ ලබා ගැනීම සඳහා වවුචරයක් පිරි නැමීම ද මෙවර වැඩසටහනට සමගාමී ව සිදු කෙරිණි. Uber Delivery Scholar වැඩසටහනේ සාර්ථකත්වයට සාක්ෂි සපයමින්, ශිෂ්‍යත්ව ලැබූ දරුවන්ගෙන් 85% කට වැඩි ප්‍රතිශතයක් මීළඟ වසරේ ශිෂ්‍යත්වය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වී ඇත.
Uber Eats එහි වර්ධනය වන වෙළෙඳ හවුල්කරුවන් ජාලය අගයමින්, වෙළෙඳ හවුල්කරුවන් 50 දෙනෙකුට ඔවුන්ගේ වර්ධනීය ක්ෂේත්‍ර ආශ්රිත ව සහතික පත්‍ර පාඨමාලා හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ප්රදානය කෙරිණි. මෙම ඩිප්ලෝමා පාඨමාලා සඳහා යොමු කෙරුණු ක්ෂේත්‍ර අතරට අලෙවිකරණය, මූල්‍ය සහ පරිපාලන සැලසුම්, සමාජ මාධ්‍ය භාවිතය, ව්‍යාපාර සංවර්ධනය හා නවෝත්පාදන, පාලනය සහ අනුකූලතාව ආදිය ඇතුළත් වන අතර, පසුගිය වසර 5 තුළ, Uber Eats සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ යන මට්ටම් සියල්ල ම ආවරණය වන පරිදි සිය වෙළෙඳ හවුල් කරුවන් බල ගැන්වීමට සිය දායකත්වය ලබා දී ඇත.
ශ්‍රී ලංකාව තුළ සිය ගමන් මග පිළිබඳ ව අදහස් දක්වමින් Uber Eats Sri Lanka හි සාමාන්‍යාධිකාරී වරුන් විජේවර්ධන මහතා පැවසුවේ, “පසුගිය වසර පහ තුළ Uber Eats වෙත ලැබුණු ආදරය සහ පිළිගැනීම ඇදහිය නොහැකි යි. ඒ පිළිබඳ ව මම සිහිපත් කරන්නේ නිහතමානී ආඩම්බරයකින්. Uber Eats ශ්‍රී ලංකාවේ ගෘහාශ්‍රිත නාමයක් විදියට ස්ථාපිත කිරීම වෙනුවෙන් අපගේ කුරියර් සහ වෙළෙඳ හවුල්කරුවන් සුවිශේෂී සහයෝගයක් ලබා දීල තිබෙනවා. ඒ නිසා ම අපි හැකි අයුරින් ඔවුන් වෙත සහයෝගය ලබා දීමට කටයුතු කරනවා. ඊට සමගාමී ව කුරියර් නිලධාරීන්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ සහ වෙළෙඳ හවුල්කරුවන්ගේ අභිලාශයන් සඳහා ම විශේෂිත වූ ඩිප්ලෝමා පාඨමාලා හඳෑරීම සඳහා අවස්ථාව ලබා දෙමින් ඔවුන්ගේ ජීවන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අපි නිරන්තරයෙන් සහයෝගය ලබා දෙනවා.” යනුවෙනි.
Uber Eats විසින්, පසුගිය වසර පහ තුළ මතු වූ පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගත තත්ත්වය නිසා රට අගුලු දැමීම් සහ වර්තමාන ආර්ථික අර්බුදය වැනි අභියෝගාත්මක කාලවල දී ශ්‍රී ලාංකික ජනතාව වෙත අඛණ්ඩව සහයෝගය ලබා දීම වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කෙරිණි.
ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට (SGBV) එරෙහිව කතා කිරීමට සහ පෙනී සිටීමට කුරියර් හා වෙළඳ හවුල්කරුවන් මෙන් ම පාරිභෝගික ජනතාව ද දැනුවත් කිරීම සඳහා කටයුතු කරන Uber,ඒ වෙනුවෙන් මෑත කාලීනව ශ්‍රී ලංකාව තුළ දියත් කෙරුණු එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමඟ ද සම්බන්ධ විය.