කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේදී (RCGC) පසුගියදා පැවති කීර්තිමත් මාසික පදක්කම් ගොල්ෆ් තරඟාවලියට ක්මරඑසබ ක්‍දකදපඉද විසින් අනුග්‍රාහකත්වය ලබාදෙන ලදි. මෙම සහයෝගීතාවය තුළින් Curtin Colombo විසින් අධ්‍යාපනයේ සීමා මායිම් අතික්‍රමණය කරමින් සිසුන් හට අධ්‍යාපනය ලබා දීමට නව දැක්මකින් යුතුව කටයුතු කරන ආකාරය කැපී පෙනෙයි. ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ වෘත්තීයභාවය අගය කරන දෙමාපියන්ට සහ සිසුන්ට සේවය කිරීමට ඔවුන්ගේ කැපවීමද මේ හරහා තව දුරටත් පැහැදිලි වේ.
ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය උසස් අධ්‍යාපන සැපයුම්කරුවෙකු ලෙස පිළිගත් Curtin Colombo උසස් අරමුණු සහිත ගෝලීය වෘත්තීන් අපේක්ෂා කරන සිසුන් හට අග්‍රගන්‍ය ජාත්‍යන්තර අධ්‍යාපන අවස්ථාවන් සපයයි. Curtin Colombo විසින් මෙම අවස්ථාවට අනුග්‍රහය දැක්වීම හරහා ශ්‍රී ලංකාවේ ගෞරවනීය ක්‍රීඩා කවයන් හා ඒ හා සබැඳි ප්‍රජාවන් සමඟ සම්බන්ධ වීමටද හැකියාව ලැබේ.
Curtin Colombo මෙම අවස්ථාවට හවුල් වීමත් සමග ආයතනය විසින් පවත්වාගෙන යන අභිලාෂකාමී සිසුන් ගෝලීය මාවතට ගෙන ඒම, ගුණාත්මක වටිනාකම් නිරන්තරයෙන් දායාද කිරීම වැනි උසස් ප්රමිතීන් සහ විශිෂ්ටත්වය සඳහා වූ කැපවීම තවදුරටත් දැක ගැනීමට හැකි විය. Curtin Colombo අනුග්‍රාහකයා වශයෙන් සිය සන්නාමයේ වටිනාකම තරඟාවලියට සමගාමීව කැපී පෙනෙන ලෙස ප්‍රදර්ශනය කරන ලද්දේ RCGC සතු ක්‍රීඩාශීලිත්වය සහ සුවිශේෂත්වය තව දුරටත් ඔප් නැංවීම සඳහාය.
මීට අමතරව, මේ හරහා Curtin Colombo විසින් ජාත්‍යන්තර වෘත්තීන් වෙත ප්‍රවේශ වීම සඳහා ඉහළ දක්ෂතා ඇති සිසුන් සවිබල ගන්වන ආකාරය තවදුරටත් පැහැදිලි වේ. ශ්‍රී ලංකාවේ කීර්තිමත් ක්‍රීඩා ජාලයක් සමඟ මෙලෙසෙ එක්ව කටයුතු කිරීම හරහා සුවිශේෂී ශාස්ත්‍රීය අධ්‍යාපන ක්‍රමවේදයන් භාවිතා කරමින් සහ නිරතුරුව සිය ප්රමිතීන් පවත්වා ගනිමින් තරුණ තරුණියන් අග්‍රගන්‍ය අධ්‍යාපන මාර්ග හරහා දැනුමෙන් සන්නද්ධ කිරීමට ක්මරඑසබ සතු හැකියාව මේ හරහා තව දුරටත් පෙන්නුම් කරයි.
Curtin & Colombo හි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අතුල පිටිගල ආරච්චි මහතා පවසා සිටියේ, ලෝකයේ ඉහළ මට්ටමේ සිටින විශ්ව විද්‍යාලයක් වන Curtin විශ්ව විද්‍යාලය සමඟ හවුල් වී සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් ලබා දීමට ලැබීම ගැන ඔවුන් ආඩම්බර වන බවයි. ප්‍රජාව තුළ ශක්තිමත් බැඳීම් වර්ධනය කිරීම සඳහාවන සිය මෙහෙවර ඉටු කරමින්, නොවැම්බර් මාසය සඳහා වන මාසික පදක්කම් තරඟාවලියට අනුග්‍රහය දැක්වීමට හැකිවීම පිළිබඳ තමන් සතුටු වන බවද ඔහු පවසා සිටියේය. මෙම ප්රයත්නය හරහා සිසුන්ගේ සහ සමස්ත ප්‍රජාවගේම අධ්‍යාපනික සහ විනෝදාත්මක අත්දැකීම් සඳහා සහය දැක්වීමටත් සහ එකී ඉඩ හසර පුළුල් කිරීමට හැකි වන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
Curtin Colombo විසින් ගෝලීය වශයෙන් පිළිගත් ආයතනයක් වන ඕස්ට්‍රේලියාවේ Curtin විශ්ව විද්‍යාලය සඳහා උපාධි අවස්ථාවන් පිරිනමයි. RCGC වැනි කීර්තිමත් ආයතන සමඟ සම්බන්ධ වීම හරහා, Curtin Colombo ශ්‍රී ලංකාව තුළ සම්ප්‍රදායික සීමාවන්ට සීමා නොවී කුසලතා පෝෂණය කිරීමේ කීර්තිය දිගටම පවත්වා ගෙන යාමටද බලාපොරොත්තු වන බව පැහදිලි වේ. මාසික පදක්කම් ගොල්ෆ් තරඟාවලිය වැනි ඉහළ පෙළේ ඉසව්වකට අනුග්‍රහය දක්වන “Curtin Colombo” සිය විශිෂ්ටත්වය, උරුමය සහ සුවිශේෂත්වය මත පදනම් වෙමින් නිරන්තරයෙන් සිසුන්ට ජාත්‍යන්තර අධ්‍යාපන ප්‍රමිතීන්ට ප්‍රවේශ වීමට ප්රමුඛ මාර්ගයක් ලෙස කටයුතු කරයි.