කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට එහි පාලනාධිකාරය තීරණය කර තිබේ.
කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි ආරක්ෂක නිලධාරියෙකු සිය විවේකාගාරයේ නිදා සිටියදී පැහැරගෙන ගොස් රඳවාගෙන පහරදී ඔහුව ශිෂ්‍ය මධ්‍යස්ථානයට ප්රවේශවන ගේට්ටුවේ ගැටගසා තිබීමේ සිදුවීමට අදාළව අනධ්‍යයන කාර්යමණ්ඩලය සහ ශිෂ්‍යයන් අතර නැවත සාමය ඇතිකිරීම සඳහා ගත් පියවරක් බව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සිය නිවේදනයෙන් මඟින් දැනුම් දෙයි.
උපකුලපතිවරයා දැනුම් දෙන පරිදි කැලණිය වෛද්‍ය පීඨය හැර කැලණිය විශ්වවිද්‍යාලයේ සියලුම පීඨයන් අද (04) පස්වරු 02 සිට නැවත දැනුම් දෙනතුරු වසා තබන බවයි.
ඒ අනුව කැලණිය විශ්වවිද්‍යාලයේ සියලුම අභ්‍යන්තර හා බාහිර සිසුන් හෙට (05) උදෑසන 5 වනවිට නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු බව ඔහු වැඩිදුරටත් දැනුම් දෙයි.