මේ සතියේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව(COOP) රාජ්‍ය ආයතන කිහිපයක් කැඳවීමට තීරණය වී තිබේ.
ඒ අනුව, අද(07) සිපෙට්කෝ නිළධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර හෙට(08) සහ අනිද්දා(09) යන දෙදින ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන (SLS) නිළධාරීන් සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ නිළධාරීන් කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.