ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඉන්දියාව සමග ඊයේ (02) පැවැති තරගය ලකුණු 302ක අන්ත පරාජයක් ලැබීමෙන් පසුව ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කොට තිබේ.
එහිදී ලෝක කුසලානය සඳහා ගිය ශ්රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන්ගෙන් සහ ඒ සඳහා තේරීම් සිදුකළ තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට තීරණය කර ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කරයි.
ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා කණ්ඩායමේ සිදුකළ වෙනස්කම් සහ ක්රීඩක ආදේශකයන් සිදුකළේ කුමන පදනමකින්ද යන්න පිළිබඳව මෙහිදී තේරීම් කමිටුවෙන් කරුණු විමසිමට නියමිත බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළහ.
සමස්ත ලෝක කුසලානයේ මේ දක්වා පැවති තරග වලදී ශ්රී ලංකා කණ්ඩායම දැක්වූ දුර්වල ක්රීඩා විලාශය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට භාජනය කිරිමට නියමිත ය.