එක්දින ක්රිකට් ලෝක කුසලානයේ ශ්රී ලංකාව සහභාගී වන මීළග තරගය අද(02) ඉන්දියාවට එරෙහිව මුම්බායි හීදී ආරම්භ වීමට නියමිත ය.
තරගය ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 2.00ට ආරමිභ වේ.
ලෝක කුසලාන තරගයකදී ශ්රී ලංකාව හා ඉන්දියාව මුම්බායි වන්කඩේ ක්රීඩාංගණයේ දී අවසන් වරට එකිනෙකා හමුවූයේ 2011 ලෝක කුසලාන අවසන් තරගයේ දීය. එහි දී ශ්රී ලංකාවට අත් වූයේ අමිහිරි පරාජයකි.
මෙවර ලෝක කුසලානයේ දී ඉන්දියාව තමා සහභාගී වූ සියලුම තරග ජයගෙන අපරාජිතව පසුවන අතර ශ්රී ලංකාව තමා සහභාගී වූ තරග 06 තරග 02ක් පමණක් ජයගෙන තිබේ.
ශ්රී ලංකාව හා ඉන්දියාව එකිනෙකා හමුවූ පසුගිය තරග 05 දී ආසියානු කුසලානයේ අමිහිරි පරාජයද ඇතුළුව අනෙක් සියලුම තරඟ ඉන්දියාව ජයගෙන තිබේ.
ICC සහ UNICEF සංවිධානය එකට එක්ව සිදුකළ මුලපිරීමක් මත ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලයේ සහ ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ හවුල්කාරිත්වයෙන් සෑම දරුවෙකුටම ජීවත් වීමට මෙන්ම තම දියුණුව ළඟා කර දීමේ අරමුණින් සංවිධානය කළ “දරුවන් සඳහා එක්දිනක්” යන වැඩසටහන අද තරගය පුරා සිදු කිරීමට නියමිත ය.
ඒ අනුව #BeAChampion හෑෂ් ටැගය යටතේ අද තරගයේ දී මුම්බායි වන්කඩේ ක්රීඩාංගණය නිල් පැහැයට හැරීමට නියමිතව තිබේ. සෑම දරුවෙකුටම වඩාත් හොඳ ලෝකයක් ගොඩනැගීමට සහ ගැහැණු ළමයින් සඳහා සමාන අවස්ථා නිර්මාණය කිරීමට මෙම ක්රිකට් ලෝක කුසලානයේ දී ප්රවේශයක් ලබා ගන්නා බව UNICEF සංවිධානය පවසයි.
දෙවන ඉනිමේදී ක්රීඩාංගනය පුරා නිල් ආලෝකයෙන් සම්මුහුර්ත ආලෝක සංදර්ශනයක් පැවත්වීමට ලෝක කුසලාන සංවිධායකයින් කටයුතු සංවිධානය කොට ඇති අතර ලොක පූජිත ක්රිකට් තරු ද්විත්වයක් වන සචින් ටෙන්ඩුල්කාර් සහ මුත්තයියා මුරලිදරන් UNICEF සහ ICC තානාපතිවරුන් ලෙස අද තරගයට සහභාගී වීමට නියමිත ය.