2024 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්
නොවැම්බර් 13 වැනිදා දහවල් 12 ට පාර්ලිමේන්තුවේ දී ආරම්භ වීමට නියමිතය.
ඉන් අනතුරුව, 2024 අයවැය දෙවන වර කියවීම නොවැම්බර් 14 සිට 21 දක්වා සතියක කාලයක් සඳහා විවාදයට ගැනේ.
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි දින පස්වරු 06.00 ට පැවැත්වීමට නියමිත ය. ඉන් අනතුරුව නොවැම්බර් 22 සිට දෙසැම්බර් 13 දක්වා දින 19 ක කාලයක් සඳහා කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට කටයුතු සම්පාදනය කොට තිබේ.
ඒ අනුව 2024 අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වෙනිදා පස්වරු 06.00 ට පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව අයවැය විවාදයට ගැනීමට නියමිත කාලය තුළ පෙරවරු 09.30 සිට පස්වරු 06.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර ඡන්ද දිනය හැර සෑම දිනකම පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය පස්වරු 06.00 – 06:30 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය වී තිබේ.