රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය එක්ව ඊයේ (01) පැවති සාකච්ඡාවකදී ගත් තීරණයකට අනුව අද (02) දිවයින පුරා ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල 17 හි සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට නියමිත ය.
ඊට අදාළ සාකච්ඡාව නාවල, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ඊයේ පැවැත්විණි.
වැටුප් ගැටළුව සහ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ලබාදී ඇති මුදල් කප්පාදුව ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය විය.
මේ අතර, වැටුප් බදු පැනවීමට සහ රජයේ ‘අත්තනෝමතික බදු ප්‍රතිපත්තියට’ එරෙහිව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද කොළඹදී විරෝධතා පාගමනක් පැවැත්වීය. අදාළ විරෝධතා පාගමනට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සහ තවත් වෘත්තීය සමිති කිහිපයක් සහභාගී වී තිබුණි.