වසර දහයකට වරක් දිවයිනෙහි සිදුකරනු ලබන ජන හා නිවාස සංගණනය අද (01) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරුණි.
ඒ අනුව සංගණනයේ සටහන් වූ පළමු ගොඩනැගිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත විය.
මෙම වසරේ සිදුකරනු ලබන සංගණනයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ දත්ත රැස් කිරීම සඳහා සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමඟ ටැබ්ලට් පරිගණක ද භාවිතා කිරීම බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.