ප්‍රමිතියෙන් තොර බාල එන්නත් මෙරටට ගෙන්වූ සමාගමේ හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ඉන්දියාවේ සිට ඉමියුනොග්ලොබියුලින් නැමති එන්නත් කුප්පි මෙරට ට ආනයන කිරීමේ චෝදනා මත අදාළ සමාගමේ හිමිකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් අදාළ ඉන්දීය සමාගම සමඟ සිදුකළ පණිවුඩ හුවමාරුවකින් පසුව එම සමාගම කිසිදු ඖෂධයක් ශ්‍රී ලංකාවට හෝ වෙනත් රටකට අපනයන කර නොමැති බවට අනාවරණය කරගත් බව ඔවුන් පසුගියදා ප්‍රකාශ කළේය.