නිල සංචාරයක් සඳහා ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් අද (01) දිවයිනට පැමිණීමට නියමිතව ය.
එම ගමනේ දී කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු – ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවකට ඇය එක්වීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
හෙට (02) දිනයේ පැවැත්වීමට නියමිත එහි ප්‍රධාන දේශනය ඇය විසින් සිදුකිරීමට නියමිතව තිබේ.
අනතුරුව එම මහත්මිය ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීරණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට සැලසුම් කොට ඇති අතර පසුව යාපනයේ සහ මහනුවර යන ප්‍රදේශවල ද සංචාරය කිරිමට තීරණය කොට තිබේ.
මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.