හෙට (01) දිනයේ සියලුම විදුලි සේවකයින් කොළඹට කැඳවා විරෝධතාවක් පවත්වන බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.
විදුලිබල මණ්ඩලය විකිණීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට විරෝධය දැක්වීම ඇතුළු ඉල්ලීම කිහිපයක් මුල් කොට ගෙන මේ විරෝධතා ව්‍යාපාරය සංවිධානය කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පවසයි.
මේ අතර විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ද හෙට පා ගමනක් සංවිධානය කොට තිබේ.
මේ අතර යෝජිත විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට තිබේ.
එම ප්‍රතිසංස්කරණය මගින් විදුලිබල මණ්ඩලයේ සේවාවන් විවෘත කර කාර්යක්ෂමතාව, විනිවිඳභාවය සහ සහ තරගකාරීත්වය වැඩි දියුණු කිරීම මඟින් පෞද්ගලික අංශයට විදුලිබල සේවා සැපයීම සඳහා අවස්ථාව සැපයීම සිදුවේ.