මාලදිවයිනේ සිට ඊයේ (30) පස්වරු 06.25 ට කටුනායක ගුවන්තොටට ගොඩ බැස්සවීමට තිබූ U.L 111 යානය සහ ඉන්දුනීසියාවේ ජකර්තා සිට මෙරටට පැමිණීමට තිබූ U.L 365 යානය අයහපත් කාලගුණය හේතුවෙන් ඉන්දියාවේ ත්රිවෙන්ද්රම් ගුවන්තොටට හරවා යැවිනි.
කාලගුණය යහපත් අතට පත්වූ බැවින් ඊයේ (30) රාත්රියේම එම යානා දෙක නැවත කටුනායකට ගෙන්වා ගැනීමට කටයුතු කළ බව ගුවන් තොටුපොළ බළධාරීන් සඳහන් කළහ.