වව්නියාව වඩුනාගල රජමහා විහාරයට කිසියම් පිරිසක් හානි කිරීමේ සිද්ධියට අදාළව ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව ප්රතිවිරෝධතා ගොනුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කල් ලබා දී තිබේ.
ඊට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (30) කැඳවූ අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශවය ප්රතිවිරෝධතා ගොනුකිරීමට කල් ලබා දෙන ලෙස කළ ඉල්ලීම සැලකිල්ලට ගෙන මෙම කාලය ලබා දී තිබේ.
පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු මේ විහාරයට කඩා වැඳුණු පිරිසක් විසින් එහි දේපළ වලට අලාභහානි කොට ශිව ලිංගයක් තැම්පත් කොට යාම මෙලෙස මූලික අයිතිවාසිකම් නඩුවක් ගෙන ඒමට සාධක වී තිබේ.
අදාළ පෙත්සම ලබන වසරේ මැයි 25 දින යළි කැඳවීමට නියමිතය.