ලබන මාසයේ ගෙන ඒමට නියමිත අයවැයෙන් රුපියල් 20,000ක් හෝ වැටුම් වර්ධකයක් අවශ්‍ය බව පවසා අද (30) රාජ්‍ය සේවකයින් රටපුරා උද්ඝෝෂණ සංවිධානය කොට තිබේ.
ඒ අනුව, දහවල් කෑම පැයේ දී මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කිරීමට සැලසුම් කොට තිබේ.
මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සඳහා සංවර්ධන නිලධාරී, කළමනාකරණ සේවා නිලධාරී, ග්‍රාම නිලධාරී, සමෘද්ධි, කාර්යාල සේවා, පළාත් රාජ්‍ය සේවා ඇතුළු සේවා ගණනාවක් සම්බන්ධ වන අතර රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබේ.