එක්දින ලෝක කුසලානයේ ශ්‍රීලංකාවට තීරණාත්මක තරගයක් අද (30) ඇෆ්ගනිස්ථානය සමඟ පූනේ හීදී පැවැත්වේ.
ලෝක කුසලාන තරගාවලියේ ඉදිරිය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් මේ තරගයේ ජය ශ්‍රී ලංකාවට බොහෝ සෙයින් වැදගත් වී තිබේ.
පසුගිය තරගයේ වීරයා වූ ශ්‍රීලංකා වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායම හා එක්වූ දුෂ්මන්ත චමීර ශ්‍රි ලංකා සංචිතයට ඇතුළත්කර තිබේ. ඒ සඳහා අවශ්‍ය වන අනුමැතිය ICC තාක්ෂණික කමිටුව ලබා දී තිබේ.
ජාත්‍යන්තර තරග විචාරකයන් අනුමාන කරන පරිදි අද තරගයේ දී කුසල් ජනිත් වෙනුවට දිමුත් කරුණාරත්න කණ්ඩායම හා එක්වනු ඇති බවයි.