පසුගිය දෙවසරක කාලය පිළිබඳව සිදුකළ සොයා බැලීම වලදී මෙරට සිදුවන මරණවල ක්රමික වර්ධනයක් සිදුව ඇති බව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාරත්මේන්තුව දැනුම් දෙයි.
ඒ අනුව 2012 වසරේ ජුලි සිට 2013 වසරේ ජුනි දක්වා මෙරට තුළ ලියාපදිංචි මරණ සංඛ්‍යාව 125,626ක් ලෙස වාර්තා වුවද 2022 වර්ෂයේ ජුනි මාසයේ සිට 2023 වර්ෂයේ ජුනි මාසය දක්වා මෙරට තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 190,600ක් බව වාර්තා වේ. මේ කාලය තුළ උපත්වල ක්රමික අඩුවීමක් ද මරණ වල ක්රමික වැඩිවීමක් ද පෙන්නුම් කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි