චීනයේ හිටපු අගමැතිවරයෙකු වන ලී කෙකියැං අද (27) උදෑසන ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහු පසුගිය වසරේ විශ්‍රාම යනතුරුම චීන සමූහාණ්ඩුවේ අගමැති පදවියේ කටයුතු කළේය. එකල ඔහු හැදින්වූයේ පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ දෙවැනි බලවත්ම පුද්ගලයා ලෙසය.
මිය යනවිට ඔහු 68 වැනි වියෙහි පසුවිය.
ඔහු ජනතාව අතර ප්‍රචලිත තිබුණේ අනාගතයේ චීන නායකයෙකු වන පුද්ගලයෙකු ලෙසය. නමුත් වත්මන් ජනපති ෂී ජීපින්ගේ පිබිදීමත් සමඟ ඔහුගේ ජනප්‍රියත්වය යට ගියේය.
නමුත් ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ ඔහුගේ මේ අභාවයත් සමඟ ජනපති ෂී ජීපින් ගේ ජනපති තනතුරෙහි ස්ථාවරභාවය පිළිබඳව සැකයක් පවතින බවයි.
එයට හේතුව ඔහු ජනපති ෂී ගේ දේශපාලන ගමන් මගෙහි සාර්ථකත්වයට විශාල ශක්තියක් වූ බැවිනි.