පිටකොටුවේ දෙවන හරස් වීදියේ වෙළඳසැලක අද (27) හටගත් ගත් ගින්නෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 23ක් දක්වා ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
අද පෙරවරු 9.30 ට පමණ දෙවන හරස් වීදියේ රෙදිපිළි අළෙවි සලක මෙම ගින්න ඇතිවී තිබේ. ඇතිවූ ගින්න පැතිරී යාම නිසා අසල වූ වෙළඳසල් කිහිපයකටද හානි සිදුව තිබේ.
කොළඹ ගිනි නිවීමේ ඒකකය මේ වනවිට ගින්න මැඩපවත්වා තිබේ.