ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහළ දමා තිබේ. ඒ අනුව,
සම්බා සහල් කිලෝ 1 රුපියල් 6කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 222ක් වේ.
කඩල කිලෝවක් රුපියල් 6කින් අඩු කර තිබේ. එහි නව මිල රුපියල් 549කි.
පරිප්පු කිලෝවක් 5කින් ද රතු කැකුළු කිලෝවක් රුපියල් 3කින් ද පහළ දමා ඇති අතර ඒවායේ නව මිල ගණන් පිලිවෙලින් රුපියල් 295ක් සහ 169ක් වේ.