රුසියානු ජනපති අසනීපයෙන් බවට ලොව පුරා පැතිරී යන කටකතා අසත්‍ය බව ප්‍රකාශයක් නිකුත් කරමින් ක්‍රෙම්ලීනය පවසයි.
ඒ ජනපති පුටින් ප්‍රසිද්ධියේ පෙනී සිටින විට ඔහුගේ සහායට දෙදෙනෙකු දෙපසින් ගමන් කරනා බවට පැතිර යන කටකතා වලට ප්‍රතිචාර දක්වමිනි.
මේ පිලිබඳව අදහස් දක්වමින් ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසූවේ, ජනපති දරුණු සෞඛ්‍ය ආප්පත්තියකට මුහුණ දී ඇති බවට සමහර බටහිර මාධ්‍ය ගෙනයන වාර්තාවන්ගෙන් අහුලාගත් කොටස් රුසියානු ටෙලිග්‍රෑම් නාලිකාවක කිසිඳු මූලාශ්‍රයකින් තොරව වාර්තා කොට ඇති බවයි.
මෙම ප්‍රකාශ හුදෙක් සිනහවට භාජනය වියයුතු ඒවා මිස තරයේ විශ්වාස කළ යුතු කරුණු නොවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
රසිත ජයවීර