නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් ගංවතුර අවධානමට ලක්වූ කඹුරුපිටිය හා මාතර ඇතැම් ප්‍රදේශවල ජල මට්ටම තවදුරටත් එලෙසම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
එහි අධ්යක්ෂ එස්.පී.සී සුගීස්වර සඳහන් කළේ, ඒ ප්‍රදේශවල මාර්ග භාවිතාකරන රියදුරන් ඒ පිළිබදව සැලකිල්ලෙන් කටයුතු කරනා ලෙසයි.
මේ අතර පිටාර ගැලීමට ලක්වූ කිරිඳි ඔයේ ජල මට්ටම සාමාන්‍ය අතට හැරී ඇති අතර පස් කඳු කඩා වැටීමෙන් අවහිර වූ ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි රථ වාහන ධාවනයට විවෘත කොට තිබේ.
බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය මහජනතාවට දැනුම් දෙන්නේ දිශින් දිගටම ඇඳ හැළෙන වැසි තත්වය හේතුවෙන් එම මාර්ගයේ තැනින් තැන පස් කඳු හෝ ගස් කඩා වැටීමේ අවධානමක් පවතින බවයි.