විදේශ රටවලින් ශ්‍රී ලංකාවට ගලා එන විෂ මත්ද්‍රව්‍ය මැඩපැවැත්වීමට අවශ්‍ය ‘මත්ද්‍රව්‍ය නාශක විධානයක්’ පිහිටුවීමට නියමිතව ඇති බව ජනාධිපති ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක නිවේදනය කළේය.
ඒ සඳහා අවශ්‍ය මෙහෙයුම් සිදු කිරීමේදී ජාත්‍යන්තර බුද්ධි අංශ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට රටේ සන්නද්ධ හමුදාවන්ට සහ රාජ්‍ය බුද්ධි සේවයට බලය ලබා දීමේ අරමුණින් මෙය සිදුකිරීමට නියමිතව තිබේ.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ(24) රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 200 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි අවස්ථාවේ දීය.
‘මත්ද්‍රව්‍ය විරෝධී විධානය’ නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය නීති කෙටුම්පත් සම්පාදනය මේ වන විට සිදුවෙමින් පවතින බවත් නුදුරේදීම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.