රටවල් 07ක සිට පැමිණෙන සංචාරකයින් සඳහා වීසා ගාස්තු රහිතව රටට ඇතුළුවීමට අවසර ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මෙය නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිත ය.
සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ට්විටර් සටහනක් මගින් පවසා සිටියේ මේ අවස්ථාව ලබන වසරේ මාර්තු 31 දක්වා ලබා දෙන බවයි.
ඒ අනුව ඉන්දියාව, චීනය, රුසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ජපානය ඒ රටවල් ලෙස නම්කර තිබේ.
මෙම පියවර විදෙස් සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමට ගත් එක් පියවරක් ලෙස සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කොට සිටියේය.