එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ඇෆ්ගනිස්ථානය හා පාකිස්තානය අතර ඊයේ(23) පැවැති තරගයෙන් ඓතිහාසික ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානයට හැකිවිය.
ඒ පාකිස්තානය කඩුලු 8කින් පරාජය කරමිනි. මේ වනවිට ICC ශ්‍රේණිගත කිරීම් වල දෙවන ස්ථානයේ පසුවන පාකිස්තානය ඔවුන් ජාත්‍යන්තර පිටියේ පරාජය කළ පළමු අවස්ථාව ලෙසට මේ ජය ඉතිහාස ගතවේ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 7ක් දැවී 282ක් ලබාගැනීමට සමත් විය.
283ක් ඉලක්කයක් සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්ථානය එම ඉලක්කය පන්දුවාර 49ක දී කඩුළු 2ක් පමණක් දැවී සපුරාගැනීමට සමත් විය.
මෙම ජයත් සමඟ ඇෆ්ගනිස්ථානය ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණි අතර මෙම ලෝක කුසලානයේ වඩාත්ම පෙරළිකාර කණ්ඩායම බවටද පත්ව තිබේ. ඒ ප්‍රබල ලෝකශූර එංගලන්තය හා පාකිස්තානය පරාජයට පත් කරමීනි.
අදාළ ඉලක්කය හඹා යෑමේ දී ඇෆ්ගනිස්ථානයේ ඊබ්‍රහිම් සද්රාන් ලකුණු 87ක් , රහමතුල්ලා ගුරුබාස් ලකුණු 65ක් හා රමත් ෂා ලකුණු 77 ක් රැස් කළහ.
තරගයේ වීරයා ඊබ්‍රහිම් සද්රාන්
රසිත ජයවීර