අද (23) දිනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ඇරඹීමට තීරණය කර තිබේ.
සිය වෘත්තීය ප්රශස්ත ලෙස පවත්වාගෙන යාමට පවතින ගැටලු විසඳන ලෙස බළධාරීන්ගෙන් දිගින් දිගටම කළ ඉල්ලීම් වලට සාධනීය ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා මෙම ක්‍රියාමාර්ගයට එළඹීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මධ්‍ය විධායකය සහ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කළ බව එම සංගමය පවසයි.
ඒ අනුව අද දිනයේ දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීකෂකවරු සේවයෙන් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන බව එම සංගමයේ ලේකම් වැඩිදුරටත් පැවසීය.