ලබන වසරේ මුල් මාස කිහිපයේදී මහ මැතිවරණයක් පැවත්වීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ අභ්‍යන්තර කවය තුළ සාකච්ඡා ආරම්භ වී ඇති බව වර්තා වේ.
ඊට අමතරව ලබන මස ගෙන එන අයවැයෙන් පසුව ආණ්ඩුව විසුරුවා හැරීමේ සූදානමක් පිළිබඳව ද දෙශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
ලබන වසරේ සැප්තැම්බරයේ හෝ ඔක්තෝබරයේ ජනපතිවරණයක් පැවැත්විමට තීරණය වී ඇති අතර එයින් පසුව දෙසැම්බර් 31 ට ප්‍රථමව මහමැතිවරණයකට යාමේ හැකියාවක් නොමැති වීම ඉහත තීරණය ගැනීමට හේතුවී ඇති බව ව්ඩිදුරටත් සඳහන් වේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ අතර ද මේ සම්බන්ධයෙන් කතාබහක් ඇතිවී ඇති අතර මහ මැතිවරණයක් පවත්වන්නේද නැතිද යන්න පිළිබඳව කිසිදු තීරණයක් මේ වනතෙක් ගෙන නොමැත.