අම්පාර දිසා ලේකම් චින්තක අබේවික්රම ඊයේ (19) පෙරවරුවේ ක්ෂේත්ර චාරිකාවකට කල්මුනේ ප්රාදේශීය උපලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේ දී එම කාර්යාලය වට කළ ප්රදේශවාසීන් විසින් ඔහුව පැය 2ක කාලයක් නිවාස අඩස්සියේ තබාගෙන තිබේ.
එම ප්රදේශයේ ජනතාව අතර සම්පත් බෙදී යෑම අසාධාරණ ආකාරයට සිදුවන බව පවසමින් ඔවුන් මෙලෙස ඒ මහතා නිවාස අඩස්සියේ තබාගෙන තිබුණි.
පසුව එම ගැටලුවට අදාළව නිසි විසදුමක් ලබා දීමට ඒ මහතා පොරොන්දු වීමෙන් පසුව පිරිසවිසිර ගොස් තිබේ.